Thursday, August 25, 2011

බයිසිකලයකින් වැඩට එන එකම එක මැනෙජර්


                    මේ ගැන ලියන්න හිතුනේ අපේ සමහර මිනිස්‌සු තානන්තර ලැබුනම ඒ පට්‌ටමට ගැලපෙන්න තමුංගේ ජීවන රටාව වෙනස්‌ කරන්න දගලන නිසා. ගමන බිමන,ගෙවල් දොරවල්,කනබොන  හුගාක්‌ විට හැම දෙයක්‌ම වගේ
හරි කතාවට බහිමුකො
                      මන් මේ සෞදි රටට අවේ මීට අවු 6ට කලින් එජංසි මරගයෙන් සුපිරි වෙලද සැලක මාළු අංශයේ වැඩට.ඒ වෙන කොට සෞදි බශාව මෙලෝ හසරක්‌ දන්නැ.කොහොමෙන් කොහොම හරි කාලය ගෙවීගෙන යද්දී බශාව පුරුදු උනා.ඔහොම අවුරුදු තුනා හමාරක්‌ ඉතා උනන්දුවෙන් ඕනාකමින් වැඩ කරගෙන ගියා රස්‌සාවට අදරයෙන් මිසක්‌ සමාගමට නොවේ. මොකද මන් අහල තියෙනව අපි කොච්චර සමාගමට අදරය කලත් සමාගම අපිට කරන අදරය කොයි වෙලාවෙ නතර කරයිද කියල අපි නොදන්න නිසා. ඒ කියන්නෙ කොයි මොහෙතේ දොට්‌ට දමවිද කියල අපි නොදන්න නිසා( love you'r work do hard but never love you'r company cause you don't know when company stop loving you) සමාගමට අදරය කරල වැඩ වරද්ද ගත්තු අපේම මිතුරො මට හමුවෙල තියෙනවා
                    එමුකො කතාවට මෙහෙම වැඩ කරගෙන ගියා ලංකවේ,ඉන්දුනීසියවේ,පිලිපීනය, ඊජිම්තුව, සෞදී රටේ මිනිස්‌සුතු එක්‌ක ඔය අතරේ පාලකයින් එක්‌කා බහින්බස්‌ වුන අවස්‌තාවලුත් නැතුව නෙවී.ඒ කවුරුත් මා එක්‌ක තරහ හිතේ තීයගෙන හිටියේ නැ, ඔය අතරේ ඒ කියන්නෙ අවුරුදු එකා හමාරකට විතර පස්‌සේ උසස්‌ වීම දෙන්න පටන් ගත්තා මාත් බලාපොරුත්තු තියාගෙන උනන්දුවෙ වැඩ ටික කරගෙන ගියා කියමුකො ඒත් ඒ අවස්‌තාව මට නැති උනා පිලිපින් ජාතිකයෙක්‌ සුපර්වයිස වෙලා වෙන ශාකවකට මරු වෙල ගියා. එතකොට මගේ මැනෙජර් මෙලිසියනුවෙක්‌ සුපර්වයිස සිරියන් ජතිකයෙක්‌.මත් සැලෙන්නෙ නැතුව තවත් උනන්දුවෙන් වැඩකලා ඊලග අවස්‌තාව ලබා ගන්න,ඒ අතරෙ තව දේවල් සිදු උනා ඒ සේරම ලියන්න මේක ගියොයොත් මේක මගේ ජීවිත කතව වෙනවා.ඒ අතරේ මගේ මනේජරුත් වෙන තෙනකට මාරුවෙලා ගියා.දැන් දුවන්නේ සුපර්වයිසගෙන්.              

                  දැන් මගේ නිවාඩු යන කලේ දවස්‌ ගැන ගැන ගැන ඉදලා මත් දෙයියනේ කියලා ආව ලංකවට අවුරුදු දෙකකට පස්‌සේ.ඒ අතරේ මගේ සුපර් වයිසටත් තව උසස්‌ වීමක්‌ ලැබිලා. උසස්‌ වීම ගන්න කලින් එ පුරප්පාදුවට තව කෙනෙක්‌ පත්කර්නකන් උසස්‌ වීම බර ගන්න බැ. නිවඩු ඉවර වෙලා අයේ එනකොට මගේ සුපර්වයිස කිඋවා අවස්‌තාවක්‌ තියෙනවා මම ඔයගෙ නම යොජනා කරල තියෙන්නේ මාසයක්‌ දෙකකින් වැඩේ හරියයි කියලා.මට ලොකු සතුටක්‌ ආව.මළු කඩේ මළු සුද්ද කරන්න අපු මන් දැන් සුපර්වයිසර් කෙනෙක්‌. වැඩේ එ විදියටම කියපු කාලෙටම මාස දෙකෙන් මාව සුපර්වයිසර් තනතුරට උසස්‌ කලා. ටයි පොල්ලක්‌ එහෙම වැටිල සුදු කමිසෙයි කලු කලිසමටයි බැස්‌සා. අර මළු ගදගපු ඩෙනිම් කලිසම්යි,නිල් පාට කෝට්‌ එකයි රබර් බෝට්‌ එකයි ගලවලා.එහෙම උනා කියල වෙන උන් වගේ ඔලුව ඉදිමුවා ගත්තේ නැ. ඒත් සුපුරුදු වැඩ වලින් ටිකක්‌ ඇත් වෙන්න උනා කර්යාලයේ වැඩ තියෙන නිසා. නමුත් මගේ සේවකයින්ට මාව ඕන කරන වෙලාවට ඒ කියන්නෙ පාරබොගිකයෝ වැඩි උන වෙලාවට මාත් එකට එක වැඩකලා.ඒ නිසා මට සේවකයෝ පාලකයො හැමෝම වගේ කැමති උනා(ඒ අතර යටින් මට කපන්න බලන් ඉන්න අපේම රටේ එකෙකුත් හිටියා).
                 ඔහොම තව අවුරුදු එකා හමරක්‌ ඊජිප්තු මනෙජර් කෙනෙක්‌ යටතේ වැඩකලා ඒ කියන්නෙ සම්පූර්න කාලය අවුරුදු පහක්‌. මිනිහා කිඋවා මට මස්‌ හා කුකුළ් මස්‌ අංශයෙත් වැඩත් ඉගෙන ගන්න ඊ ලග අවස්‌තාව ඒ කියන්නේ මනෙජර් මන් උබව තමා පත් කරන්නෙ කියලා.බාර දුන්න හැම වැඩක්‌ම ආසවෙන් හ උනන්දුවෙන් කලා තව බලාපොරොත්තූ තියාගෙන.
                සුපර්වයිසර් කෙනෙක්‌ හැටියට අවුරුදු එකා හමාරක්‌ ගෙවිල ගියා. කියපු විදියට්‌ම අර කියපු අවස්‌තාව උදාවෙන ළකුනු පහල වෙලා.එතකොටත් මගෙ දෙවෙනි නිවාඩුවට පස්‌සේ.එ වෙන කොට මට මංගල යෝජනාවක්‌ ඇවිල්ල අහවරයි ඒකත් ස්‌තීර කරල මුදු එහෙමත් මාරු කරල ආවටත් පස්‌සෙයි.මේ සුභ ආරංචිය ගෙදරත, වෙනඩ බර්යාවටත් එහෙම කිඋවා මාත් ආසවෙන් බලාපොරොත්තු තියගෙන හිටියාඅ.කිවුවා වගේ මන් අංශ තුනකට මැනජෙර් උනා. ආඩ්ම්බරයි මහංසියෙන්,කැප වීමෙන් මුට්‌ටි අල්ලන්නේ නතුව ගත්ත පට්‌ටමට.(අම්මලානම් කිවුවෙ කෙල්ලගෙ වාසනාවහින්දා කියලා).
                  අපට සමාගමෙන් ඉදුම් හිටුම් යාම් ඒම් සදහ පහසුකම් සලසන්නෙ සුපර්වයිසර් තනතුර දක්‌වා පමනයී එතනින් එහට සැම තනතුරකටම් ඒ සදහ දීමනා පමනයි. මමත් මර්කෙට්‌ එකට ලංග තෙනකින් පුංචී කාමර කැල්ලක්‌ හොයා ගත්තා යාමට ඒමට ටැක්‌සී තම තිබුනේ.
                  දැන් ඉතින් ලොකු ලොකු අයියලගේ කතා ගොඩයි මිස්‌ටර් අන්තොනි දැන් ගන්න වාහනයක්‌ දැන් ඔයා මනෙජර් කෙනෙක්‌, සේවක වැසිකිලිය පාවිච්චි කරන්න එපා මෙන්න ඔයාගෙ යතුර මැනෙජර්ලාගෙ වැසිකිලියේ, කොපි කඩේට සේවකයින් එක්‌ක එන්න එපා.මේක යක්‌කගේ කතාවක්‌නේ යකෝ මැනෙජර් උන පලියට සෙවකයිංගෙන් මෙහෙම ඇත් වෙන්න පුලුවන්ද?මන් අහන්නේ. මන් ඒව දකුනු කනෙන් අහල වන් කනෙන් පිට කරල මගෙ විදියට මන් හිටියා.
                  ඔහොම මාස හයක්‌ විතර වැඩට ටැක්‌සි වලයි පයිනුයි  ආවා. හිතුන මටත් බයිසිකල් කට්‌ටක්‌ ගත්තනම් හොන්දයි කියල, දෙපාරක්‌ හිතල ගත්තා බයිසිකලයක්‌. මන් බයිසිකලේ වැඩට එනවා දැක්‌කම අනිත් මෙනෙජර්ලා නිකන් කින්ඩියට වගේ හින්නා වෙනවා මෙනේජර් කෙනෙක්‌ බයිසිකලේ වැඩට එනවා දැකලා.
                 1 මගේ ගමන් වියදම් දිමනාව ඉතුරුව.
                 2 ශරිර සෞක්‍යය.
                 3 ආම්බන් කිරිමේ පහසුව තව සෙහෙන කරනා ඔයාලට එකතු කරන්න පුලුවන්. මන් මේ කෙන් කියන්න උත්තහ කලේ තාන්න මාන්න ගට්‌ත්තට අපි ජීවත් වෙන්න ඔනා අල්පේච්ච් විදියට මන් කියන්නෙ ලෝබ වෙන්න කියන එක නෙවී කියලා උගත් ඔයාලට වැටහෙනව ඇති කියල මන් විස්‌වාස කරනවා.පඩුරු පාක්‌කුඩම් දීල සන්තෝසම් දීල මුට්‌ටි අල්ලා ගන්න තනතුරු වලට වඩා සුව උත්සාහයෙන් ලබා ගන්න තනතුරු හෝ වෙනත් දේවල් වල අගය වැඩී හා එහි නියම තෘප්තිය ලබා ගන්න හැකිවේවී.
                අනික ලොකයේ හොදම ගුවන් සමාගම් දහයෙන් එකක්‌ වන ජපන් ගුවන් සමාගමෙ සි.ඉ,ඔ ට මහජන ප්‍රවාහන සේවය පාවිච්චි කරන්න පුලුවන් නම් මන් වගේ මැනෙජර් කෙනෙක්‌ බයිසිකලයක්‌ පාවිච්චි කරාට මක්‌ වෙනවද?
                මන් හිතන් විදියට අපෙ සමාගමේ බයිසිකලයකින් වැඩට එන එකම එක මැනෙජර් මන්,

No comments:

Post a Comment